Saturday, January 3, 2015

Internet Connection එකක් නැතුව .NET Framework 3.5 Install කරන හැටි.

අපි අද පාවිච්චි කරන ගොඩක් Software ව්ලට ඕන් දෙයක් තමයි Microsoft .NET Framework කියන්නේ.එක එක සොෆ්ට්වෙයාර් වලට ඕන එක එක Frameworks :). ඒ කියන්නෙ සමහර සොෆ්ට්වෙයාර් වලට ඕන .NET Framework 2.0. සමහර සොෆ්ට්වෙයාර් වලට ඕන .NET Framework 3.5. මේ වගේ අවශ්‍ය Frameworks වෙනස් වෙනවා. ඒත් ගොඩක් Software වලට අවශ්‍ය එකක් තමයි .NET Framework 3.5 . Windows 7 තියනවනම් අපිට .NET Framework 3.5 අමුතුවෙන් ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.මොකද Windows 7 ඉන්ස්ටෝල් කරනකොට මෙකත් ඉබේම ඉන්ස්ටෝල් වෙනවා.

ඒත් ඔයාලා වැඩ කරන්නෙ Windows 8 වල හරි 8.1 වල හරි නම් ඔයාලට .NET Framework 3.5 වෙනමම ඉන්ස්ටෝල් කරන්න වෙනවා.Windows 8 හරි 8.1 වල හරි .NET Framework 3.5 අවශ්‍ය වෙන ප්‍රොග්‍රැම් 1ක් run කරොත් ඔයාලා .NET Framework 3.5 ඉන්ස්ටෝල කරලා නැත්තම් මේ වගෙ Dialog box 1ක් එයි.




අපි Install this feature කියන Option 1 තේරුවොත් ඉන්ටෙර්නෙට් Connect වෙලා .NET Framework 3.5 Download කරල Install කරනවා.

නමුත් මේ ලිපියෙන් අපි බලමු Internet Connection 1 ක් නැතිව කොහොමද .NET Framework 3.5 Install කරන්නෙ කියලා.


  1. ඉස්සෙල්ලම අපිට ඕන Windows 8 ISO File 1ක් හරි Setup disk 1ක් හරි. අපි ලඟ තියෙන්නෙ ISO File 1ක් නම් Power ISO,7-Zip වගේ Software 1ක් පාවිච්චි කරලා ISO File 1ක Extract කරගන්න ඕන.(මේකෙදි ඔයාලට ලේසි විදිහකට Extract කරගන්න.)අපි ලඟ තියෙනනේ Setup Disk 1ක් නම් කරන්න තියෙන්නෙ නිකන්ම Disk 1 CD/DVD Drive 1ට ඇතුල් කරන්න විතරයි.
  2. ඊලඟට Command Prompt 1 Open කරන්න ඕන (As Administrator).
  3. ඊට පස්සෙ පහල තියන Command 1 Command Prompt 1කේ Type කරලා Enter කරන්න (කැමති නම් Paste කරන්නත් පුලුවන් :-) )
          Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:F:\sources\sxs /LimitAccess 

     මේකෙ "F:" කියන්නෙ Setup Disk 1 තියන CD/DVD Drive එකේ Drive Letter 1.අපි අපේ System 1 ට අනුව ගැලපෙන Drive Letter 1 යොදන්න ඕන.

අපි ISO File 1ක් extract කරා නම් "F:\sources\sxs /LimitAccess " කොටස වෙනුවට ගැලපෙන File Path එක දෙන්න ඕන.

ඒ Command 1 execute කරපු ගමන්ම .NET Framework 3.5 Install වෙන්න පටන් ගන්නවා.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ Install වෙලා ඉවර වෙනකම් බලගෙන ඉන්න විතරයි.



   මේ ක්‍රමයට ගොඩක් ලේසියෙන්, Internet Connection එකක් නැතුව .NET Framework 3.5 install  කරගන්න පුලුවන්.









No comments:

Post a Comment

Optimize you working enviorenment : Single command to create & move to a directory in linux (C Shell, Bash)

Usually move to a directory just after creating is bit of a anxious task specially if the directory name is too long. mkdir long-name-of...